අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසිතුනක පවුල් එක්ලක්ෂ හැටහතරදහස් හතලිස් හතරකට අයත් පුද්ගලයන් පන්ලක්ෂ අසූතුන්දහස් හාරසීය හත්ෙදනෙකු පීඩාවට පත්ව තිබේ.
ගෙවී ගිය දින කිහිපය තුළ ඇති වූ තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් නිවාස එක්දහස් හයසීය තිස්හයකට හානි සිදුව ඇත. පුද්ගල මරණ අටක් සිදුව තිබෙන අතර, පුද්ගලයන් නමදෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයන් 4දෙනෙකු අතුරුදන් වී තිබේ. පවුල් හැටහයකට අයත් පුද්ගලයන් දෙසිය පනස්හත් දෙනෙකු ආරක්ෂිත කඳවුරු 09ක රඳවා සිටින අතර, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන 42කට හානි සිදුව තිබේ.
මෙහිදී රත්නපුර, කෑගල්ල, පුත්තලම, මහනුවර, හම්බන්තොට, අනුරාධපුර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජනතාව වියළි කාලගුණය, තද සුළං හා තදවැසි හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
පොදුවේ දිස්ත්‍රික්ක 09කට ඇති වී තිබෙන තද සුළං හා තද වැසි හේතුවෙන් පවුල් දෙදහස් නවසිය හැටහයකට අයත් පුද්ගලයන් අටදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.
මීට අමතරව පවුල් එක්ලක්ෂ හැටතුන්දහස් නවසියපනස්දෙකකට අයත් පුද්ගලයන් පන්ලක්ෂ හැත්තෑපන්දහස් තිස්පහක පිරිසක් පීඩාවට පත්ව ඇත.
නියඟය, තදවැසි හා තද සුළං හේතුවෙන් රත්නපුරය දිස්ත්‍රික්කයේ පවුල් 3,665කට අයත් පුද්ගලයන් 12,786ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 180කට අයත් පුද්ගලයන් 582ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 6,867කට අයත් පුද්ගලයන් 22,874ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 5,606කට අයත් පුද්ගලයන් 20,908ක්, අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පවුල් 81කට අයත් පුද්ගලයන් 111ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 23,520කට අයත් පුද්ගලයන් 77,673ක් පීඩාවට පත්ව තිබේ.
එමෙන්ම තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 249කට අයත් පුද්ගලයන් 756ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 154කට අයත් පුද්ගලයන් 617ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 83කට අයත් පුද්ගලයන් 320ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 94කට අයත් පුද්ගලයන් 317ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 320ක පුද්ගලයන් 1,383ක් පීඩාවට පත්ව ඇත.
මීට අමතරව වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 6,867කට අයත් පුද්ගලයින් 22,874ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 138කට අයත් පුද්ගලයින් 465ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21,096කට අයත් පුද්ගලයන් 70,636ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 18,074කට අයත් පුද්ගලයන් 63,115ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 5,516කට අයත් පුද්ගලයන් 19,262ක, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 12,767කට අයත් පුද්ගලයන් 40,098ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 15,132කට අයත් පුද්ගලයන් 53,161ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 11,536කට අයත් පුද්ගලයන් 69,957ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 4,084කට අයත් පුද්ගලයන් 12,729ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 12,043කට අයත් පුද්ගලයන් 37,856ක් පීඩාවට පත්ව තිබේ.