දිස්ත්‍රික්ක විස්සකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පන්දහස් හාරසිය හැත්තෑවක පුද්ගලයන් තුන්ලක්ෂ හැට එක්දහස් නවසිය හැටපහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඇති වූ තද සුළං හා වර්ෂා තත්ත්වය නිසා නිවාස 123කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙන අතර, නායයෑම් අවදානම් නිසා පවුල් 75කට අයත් පුද්ගලයන් 277ක් ආරක්ෂිත කඳවුරු 05ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පසුගිය දිනවල ප්‍ර‘දේශය කිහිපයකට ඇති වූ තද සුළං, තදවැසි සහ නායයෑම් අවදානම් නිසා පවුල් හාරසියයකට අයත් පුද්ගලයෝ දහසකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව දිස්ත්‍රික්ක 18කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පන්දහස් හැත්තෑවකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ හැටදහස් අටසිය පහළොවකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.
අද (09දා) උදේ 8.30 අවසන් වූ පැය විසි හතර තුළදී උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර් 25ක ප්‍රමාණය කුකුලේගඟ ප්‍ර‘දේශයෙන් වාර්තා වී ඇත.
එම කාලය තුළදී උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37ක ප්‍රමාණය වවුනියා ප්‍ර‘දේශයෙන් වාර්තා වී තිබෙන අතර, අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 14.9ක ප්‍රමාණය නුවරඑළිය ප්‍ර‘දේශයෙන් වාර්තා වී තිබේ.
දහවල් කාලයේදී ගාල්ල, යාපනය, මන්නාරම, නුවරඑළිය ප්‍ර‘දේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් තිබෙන අතර, යාපනය, අනුරාධපුර, කුරුණෑගල රත්මලාන වවුනියාව ප්‍ර‘දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ ගොස් ඇත.
හෙට (10දා) දිනයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
