අඹගෙඩි නඩුව අවසන් - කාන්තාවට අවවාද කර මුදාහරියි
අසල්වැසි නිවසක අඹ ගසකින් අඔ ගෙඩි දහ නමයක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත්, නිවසක තනිව ජීවත් වන වයෝවෘද්ධ කාන්තාවක්, නඩු විභාගයකට නොගොස් වරද පිළිගැනීම සම්බන්ධයෙන් සළකා බැලූ අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා සැකකාරියට තරයේ අවවාදකර මුදා හැරීමට අද (30දා) නියෝග කලේය.
අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව දැඩිව අවවාද කර මෙසේ මුදා හැරුණේ අංක 56, ජයන්ති ග්රාමය, සාලියපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ලලිතා ආනන්ද (65) නැමැත්තියයි.
සැකකාර කාන්තාව, සිය ගෙවත්තේ පිහිටි ඇති අඔ ගසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට ජයන්ති ග්රාමයේම අංක 46 ලිපිනයේ පදිංචි වෙරළදෙණියේ විදානලාගේ උදේනි පෙරේරා මහත්මිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට 2017 වසරේ ඔක්තොම්බර් මස (09දා) සිදුකල පැමිණිලිල්ලකට අනුව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන පැය විසි හතරක කාලයක් සිර බාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අනුරාධපුර චතුරංග
popular news
-
Raawana Wednesday, 31 October 2018 07:48 AM
රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කාපු අමනයින් රජ පුටුවල...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

