මහසොන් බලකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.
සැකකරුට එරෙහිව සාක්කි සම්පිණ්ඩන වාර්තාව පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය එය සලකා බලා අදාළ පනත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ලබන 4 වැනිදා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළාය.
