අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග නිකුත් කරන්න ජනපතිට හැකියාවක් නෑ - අලවතුවල
අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපති වෙත කිසිදු බලයක් පවරා නොමැත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා නිවේදනය කරයි.
එහෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද, වෙනත් ආයතනද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත් යැයිද ඔහු පවසයි.

popular news
-
sg Tuesday, 04 December 2018 10:20 PM
මෙතුමා මෙතුමාගේ හිටපු නායකයා හදපු වියවස්තව තවම හරියට කියවල නේ වගේ
Reply : 0 59
Champa Wednesday, 05 December 2018 05:47 AM
එහෙම එකක් නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග නිකුත් කරන්න රටේ ජනාධිපතිට බලය තියෙනවා. පත් කරන්න පුළුවන් නම් නියෝග දෙන්න බැරිද? පිස්සු කතාවක්. හැබැයි නියෝග දුන්නට ක්‍රියාත්මක කරන්න බැහැ ඉන්න අයට උසාවි නියෝගය අනුව. එක්කෝ අමාත්‍යංශ ලේකම්වරු අලුතින් පත් කරන්න ඕනේ නැත්නම් ඉන්න අයව නැවත පත් කරන්න ඕනේ උසාවි තීන්දුවෙන් (interim order) පස්සේ දවසක දාතම දාල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

