Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා
2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා
ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය.
සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්රජාතන්ත්රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියළු පාර්ශවයන් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියළු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමග එක්විය හැකිබව ඔහු සඳහන් කරයි.
ජාතික ආණ්ඩුව පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව ය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි.
එම අත්තනෝමතික ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් අප වෙනස් කළා. ඒ අනුව ඇමැති මණ්ඩලය වැඩි කර ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. එලෙස අප ඇති කරන ලද ප්රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙස ය යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.
Matalan Sunday, 03 February 2019 06:40 PM
දවල්ද කිරිඅල්ල
Reply : 0 13
Champa Sunday, 03 February 2019 07:12 PM
පරණ කරපුව වැරදියි තමන් එහෙම කරන්නේ නැහැ කියලා බලය ගත්ත නම් කියපු වචනේ තියන්න ඕනේ. ආයේ මිනිස්සුන්ව රවට්ටන එක වැරදියි. අනිත් එක තව මාස කීයද තියෙන්නේ? අවරුදු 4ක් තිස්සේ ගොඩ නගන්න බැරි වෙච්ච රට මාස 10න් 11න් කොහොමද ගොඩ නගන්නේ? නිකම් මහජන ධනය නැති නහස්ති නොකර ඉන්න විදිහට ඔය ඇමතිවරු ගැන තියාගෙන ඉන්න. දැන් යූඑන්පී කාරයන්ට තියෙන්නේ ඊළඟ චන්දෙ පැරදුනහම කරන රස්සාවක් ගැන හිතන එක.
Reply : 0 22
sg Sunday, 03 February 2019 11:45 PM
ආණ්ඩු කරන්න බැරි නම් ඉස්තවර ආණ්ඩුවක් හදාගන්න මහා මැතිවරණයකට යන්න
Reply : 0 10
අප්පුහාමි Monday, 04 February 2019 06:53 AM
අපි නොදන්නා ගොඩනැගීම! මෙච්චරකල් ගොඩ නගපු හැටි අපි දන්නවා.මිනිස්සු දැන් රවටපු කාලය ඉවරයි.කරුණාකරලා ඔබ වගේ අය විශ්‍රාම යන්න.
Reply : 0 8
Lal Monday, 04 February 2019 07:17 AM
නිකම් බොරු එපා බං...ලංකාව වගේ පොඩි රටකට මොකටද ලොකුගොන්බානක්..මකබෑවිලාපලයල්ලා කරන්න පුළුවන් එකෙකුට බාරදීලා..
Reply : 0 17
අනුර Monday, 04 February 2019 10:19 AM
ඕනෙ ගොනෙකුට ඔහොම කතා කියන්න පුලුවන්... අනිත් අයගෙ වැරදි කියල චන්දෙ අරගෙන ඒ වැරදි ටිකම මුනුත් කරනවනම් ජනතාවට කාගේ පිහිටක්ද...?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd