ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙම අගය ශ්රී ලංකා ඉතිහාසයේ නැවත නොගෙවීමේ පදනම යටතේ ශ්රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ වැඩිම වටිනාකමකින් යුත් ආධාරය බවයි.
ශ්රී ලංකාව වර්තමානයේ මුහුණදි ඇති දේශපාලන අර්බුදය එයට හේතුවක් වී ඇති බවත් ඔහු ප්රකාශ කරයි.