ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු මත්පැන් හල් හෙට (03දා) දිනයේදී වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නීති උල්ලංඝනය කරන සුරාබදු බලපත්‍රලාභීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, මීට අමතරව බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්රකාශකනියෝජ්ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
මීට අමතරව නීතිවිරෝධි මත්පැන් අලෙවි කරන ස්ථාන නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ සොයාබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මක කරන බවත්, අත්අඩංගුවට ගන්නා පිරිස් අධිකරණවලට ඉදිරිපත් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන වසා තබනවාද යන්න සොය බැලීමට සුරාබදු නිලධාරීන් මුර සංචාරවල යොදවනබවද කපිල කුමාරසිංහ මහතා පැවසීය.
