අපේ සහාය නොලැබුණානම් ජයග්‍රහණය පහසු නෑ - නිමල්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ශක්තියක් වූ බවත් එම සහාය නොලැබුණානම් ජයග්‍රහණය පහසු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී උත්සවයකට එකවෙමින් ඊයේ (11දා) ඔහු මෙම අදහස් දැක්වීය.
“මම ප්‍රසිද්ධියේම කිවුවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න ඕන කියලා.ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට තීරණය කළා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දිය යුතුයි කියලා.
ඒ සහායත් එක්ක එතුමාගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා.අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .අපි එතුමාගේ ජයග්‍රහණයට මුලික වශයෙන් දායක වුණු අයයි."
popular news
-
Nandana Thursday, 12 December 2019 10:11 PM
අනේ පව් මෙයා, පින් ඇමතිට තරහ ගිහින්
Reply : 0 1
Cy Friday, 13 December 2019 12:02 PM
ඔයාලා ඉන්න තැනක් නැතුව අන්තිමේදී එල්ල වුණාට අපි කොහොමද දෙන්න තමයි ඉන්නේ ඡන්ද වල කිසි වෙනසක් උන්නැහැ ආවා කියලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

