අපේ ආණ්ඩුව යටතේ බොහෝ අහිතකර දේවල් රටට සිදුවුණා
තමා නියෝජනය කළ පසුගිය ආණ්ඩුව රටට අහිතකර බොහෝ දේවල් සිදුකළ බවත් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාතය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ මේ මොහොතේ අත්‍යාවශ්‍යම වෙනස තමයි අද මේ වුණේ. අපේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පාට පාට දේශපාලන පක්ෂ නෙමෙයි. රටට ගැලපෙන දේශපාල ප්‍රතිපත්ති. රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙලා තියෙනවා. ජාතික සම්පත් විකිණීම නවත්වන්න වෙලා තියෙනවා. රණවිරුවන් මුහුණ දී තිබෙන අනතුරුදායක තත්ත්වයේ රට බේරා ගන්න වෙලා තියෙනවා.
මම සියලු දෙනාම දැනුවත් කරලා තිබුණේ. අපේ ආණ්ඩුව යටතේ බොහෝ අහිතකර දේවල් රටට සිදුවුණා. එය නිවැරදි කිරීම කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පක්ෂ ගැන කලකිරීමක් නෑ. පක්ෂ ගෙනයන වැඩපිළිවෙළ හානිදායක නම් ඒකට සහාය දෙන්න බෑ. මේ රට දේශපාලන නායකයෙක්ට හෝ දේශපාලන පක්ෂයකට අයිති රටක් නෙමෙයි. මේ රට පුරවැසියන්ට අයිති රක්. අපට තිබෙන වගකීම තමයි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර දීමයි.”
ඡායාරූප ඉසුරු පෙරේරා




popular news
-
Lion Tuesday, 30 October 2018 11:13 AM
ඒවා හදන්නද මහින්දට එකතු උනේ
Reply : 0 0
Nandana Tuesday, 30 October 2018 05:40 PM
ලුලා නැති වලට කනයා පණ්ඩිතයා ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

