අපේ අඩුපාඩු තිබෙන බව මතක තබා ගත යුතුයි
අඩුපාඩුකම් තිබුණත් ඒවා නිවරදි කර ඉදරියට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (24 වන දා) අරලියගහ මන්දිරයේ දී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
2019 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතර ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු නතර කළ නොහැකියි. මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි.
අප ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටි කාලීන විදේශ ආදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි.
අපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳව පමණක් නොව අපට ලැබෙන ආදායම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාචාරකයින් මෙන්ම ඉහළ මට්ටමේ සංචාරකයන් ආකර්ශනය කරගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.අපගේ සංස්කෘතික හා ස්වභාවික ස්ථාන අප ආරක්ෂා කර ගත යුතුයි. ඒ වගේම අලූත් අංග ඇතුළත් කළ යුතුයි.
2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඔස්සේ අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් දියුණු කොට දැනට ලැබෙන ආදායම දෙගුණයක් කර ගැනීමට ඉලක්ක කර ගනිමු යැයි මා අවසාන වශයෙන් පැවසීමට කැමතියි.”
popular news
-
එම්.ඒ.ජේ Wednesday, 24 October 2018 02:57 PM
පාලකයින් විදියට ඔබ තුමන්ලාගේ අඩු පාඩු තිබෙන බව තේරුම් ගැනීම තරම්වත් අවබෝධයක් තිබිම රට වැසියෙක් විදියට අගය කරමි. මා නම් උදැසන අවදි වි රැකි-රක්ෂාවලට ගොස් රැ ජාමේ නිවසට පැමිනෙන තෙක්ම අත්විදින්නේ අරාජික රටක පාලනයකි - පාලකයින්ගේ අඩුපාඩුය. රටේ පාලකයින්ගේ නොහොබිනා කම්වලට අප බදු ගෙවමින් සිටිමි. මේ අපායෙන් අපේ රට කවදා ගොඩ ඒ දැයි නොදිනිමි!!. රටේ පිරිහම කොතරම් ද යත්, රට වැසියෙක් විදියට මා මහ මග ගත කරන කාලය ද තීරණය කරන්නේ බස් එකේ කොන්දොස්තර සහ ඩ්රයිර් කොලුවන් දෙදෙනාය. රට කොතරම් පිරි හි ඇද්ද යන්නත් මහ මගට රට වැසියන් නාස්ති කරන කාලයෙන් බලා ගත හැක. පාලකයින් (දේශපාලකයින්) රටට කරන සේවයේ තරම බලාගන්නට නම් සවස් කාලයේ බස් රථයක් නැග කිලෝ මිටර් 10-15 ක් ගොස් අත්දැකිමක් ලබාගන්නා මෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. එවිට, ඔබගේ අඩුපාඩු පමණක් නොව, පාලකයින් මේ රටට කර ඇති හානිය ගැන ද ඔබ තුමාට අත්දැකිමක් ලබා ගත හැක! මේ "යහපාලනය" රටේ කාලයෙන් වසර 3 ක් නිරපාරදේ මේවන විට විනාශ කර ඇත!
Reply : 0 0
chathuri Wednesday, 24 October 2018 05:17 PM
සංචරකියින්ට හොදම. රට. ශිරි ලංකාව නායකයෝ හිතන්. ඉන්න එහෙමයි කකුල්. දෙකෙන්. ආපු කෙනාට යන්න. වෙන්නේ පෙට්ටියෙන්. , රට ලස්සන. වුනාට වැඩක් නැහැ මිනිසුන්ගේ. හිත් දුෂණයෙන්. පිරිලා , මහා. උන් ප්‍රසිද්දියේ. හොරකනවා බිලියන. ගණන්. සාමාන්‍ය. පුර වැසියා. රුපියල් 100 අසල් වැසියාගේ බෙල්ල කපනවා , ගැහැනියක්. නම්. දුෂනයත්. කරනවා , මිනිසුන්ට. කන්න. නැහැ වියදමට මුදල්. නැහැ , ජිවත්. වෙන්නේ කාගේ බෙල්ල කම්දෝ. කියල. බලාගෙන. ජනාදි පති හෝ. අගමැති හොයල. බලනවද මිනිස්සු. කන බොන හැටි , එක පවුලක් මුරුංග කොළ. කාවා කියල. ඒ. පවුලට විතරක්. කන්නදීල. හරි. යනවද . මේ. දෙන්න. මොනවද මේ කරන්නේ. , මිනිස්සු වියදම වැඩියි කියල ඒවා දරා ගන්න බැරිව. පෙළපාලි යනවා. , කිසිම. දෙයක්. නොවුන ගානට පිටරට පදිනවා. අල්ලපු හොරෙකුත්. නැහැ, කිසිම සන්හිදියවකුත් නැහැ වැඩිම. ලකුණු. ගත. පහේ ශිෂත්ව දරුවන්ට. පුළුවන් සාමකාමිව රට ගෙනියන්න දීල බලන්න 60. පැනපු. සේරම. විශ්‍රාම යවන්න. මන්ද බුද්දික. ආණ්ඩුවක් දැන් තියෙන්නේ , කලින් ආණ්ඩුව පිස්සෝ වගේ. රටේ දේපල විනාස. කෙරුවේ. මල් වට්ටිය. අතේ. තියන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

