අපිිට දේශපාලනය කරලා පෙන්නන්නත් පුළුවන් - ඩඩ්ලි
රටේ පවතින දුර්වල ආර්ථික කළමණාකරණය නිසා පිඩාවට පත්ව සිටින ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්රජාවගෙන මුදල් කොල්ලකෑම වහා නතර කොට සමස්ත ජනතාවට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
එම ව්‍යාපාරයේ මහර ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
ක්ෂුද්‍ර මුල්‍යය ක්‍රමය අධික පොලී අයකරමින් ග්‍රාමීය ජනතාවට උගුලකට හසුකර තිබෙනවා.මෙම ණය ආයතන පිළිබදව රජයේ අදාල ආයතන මැදිහත් වී අර්බුදයෙන් ජනතාව බේරාගත යුතුයි.එසේ නොකලහොත් නීතියට පිටින් හෝ ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවෙනවා. මෙකී ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීමට උපදෙස් දී තිබුණත් මෙතෙක් කිසිදු ආයතනයක් ලියාපදිංචි කර නැහැ. මෙමගින් රජයට ලැබිය යුතු ආදායමක්ද අහිමිවී ගිහින් තිබෙනවා. මෙම ණය උගුලෙන් බේරීමට හොඳම ක්‍රියාමාර්ගය ණය නොගෙවා සිටිමයි. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එකී ණය නොගෙවන ලෙසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම ණය ගෙවීමේ ක්‍රමය නතර කලා.
ස්වාභාවික විදුලි බලාගාර ක්‍රමය මුහුදේ සිට විදුලිය නිපදවා රටට විදුලිය ලබාදෙන ක්‍රමයක්. රටේ ජීවනාලිය බදු විදුලියට සිදුවෙන දෙයට රජය නිහඩව සිටින්නේ ඇයි. පිරිසිදු කරපු ගල් අගුරුවලින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 11ට ගන්න පුළුවන්කම තියෙද්දී ස්වාභාවික විදුලිබලාගාර ක්‍රමයක් රටට අවශ්‍යද? මෙම විදුලි ඒකකයන් රජය මිලදී ගත්ත මුදල රටට හෙළි කරන්න. කල යුතුදේ අපි ඊළගට කියන්නම්.
වී මොල් හිමියන් පමණක් නොවෙයි රටේ අනිකුත් ක්ෂේත්රවල නියැලී සියලුම ව්‍යාපාරිකයින් හමුවී සාකච්ඡා කොට ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අද මේ රටේ ව්‍යාපාරික කේෂ්ත්‍රය විශාල කඩාවැටීමකට ලක්ව තිබෙනවා. බැංකුවලින් මුල්‍ය ආයතනවලින් ලබාදෙන ආධාර නතර කිරීමට මෙය ප්‍රධාන හේතුවයි.ණය ගෙවාගත නොහැකි වී බැංකුවලට සින්නවන නිවාස වෙන්දේසි කිරීම නතර කරන ලෙස බැංකු හා මුල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.සමස්ත සමාජයම කඩා වැටීම පිළිබඳව තිබෙන වේදනාව නිසයි මේ ගැන කතා කරන්නේ.
වසර 70ක් තිස්සේම සිදුවුණේ ජනතාවගේ සිහින බලාපොරොත්තු සුන්විම පමණකි. ඉදිරියේදී අපට රට වෙනුවෙන් යම් යම් තීරණ ගන්නට සිදුවේවි. බැරි වුණොත් දේශපාලනය කරලා පෙන්වන්නත් පුළුවන් .මහජන මුදල් ගසා කත්තේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි විදියට වැඩ කරන්න මන්ත්‍රීවරු , ඇමතිවරු, ලේකම්වරු,උපදේශකවරු සිය ගණන් ඉන්නවා. ඔවුන්ට සියලු පහසුකම් දී තිබෙනවා.ටයි කොට් දාපු ඔවුන් තමයි මේ රට කෑවේ.එයට විරුද්ධත්වය පලකිරීමට ඉදිරියේදී ටයිකෝට් ඇදීම මා නතර කරනවා.

popular news
-
Champa Thursday, 21 February 2019 10:34 PM
Another joker seems to be entering into Sri Lankan politics! මෙන්න ප්‍රශ්න වලට විසඳුම් ----- ණය නොගෙවා හැරීම. ක්ෂුද්‍ර මූල්‍ය ණය නොගෙවා ඉඳල ප්‍රශ්නේ විසඳන්න පුලුවන්ද? ඒ මිනිස්සු ණය ගන්න කොට අත්සන් කරපු agreement එකක් ඇති. ඊට පස්සේ බැංකු නඩු දායි. ඊට පස්සේ කවුරු හරි සල්ලිකාරයෙක් ගිහින් ඒ මිනිස්සුන්ගේ ගෙවල් ඉඩකඩම් කුණු කොල්ලෙට ගනියි. දැන් මෝඩ ආණ්ඩුව මේ ණය අහෝසි කළා සමහර පළාත් වල, උතුරු සහ උතුර මැද. ප්‍රශ්නේ විසඳුනද? අහෝසි කරපු ණය පොලිත් එක්ක ගෙවන්නේ මුළු රටේම මහජනතාව. ණය අහෝසි කළා කියලා ණය ගෙවීමේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ
Reply : 0 6
rocky Friday, 22 February 2019 06:12 AM
අනේ ජනතාවගේ බඩට ගහලා දැන් එනවා පුරාජේරු කෙලින්න! නොදකින් ජන හතුරෝ!
Reply : 0 8
ravi Friday, 22 February 2019 09:00 PM
ඔබ ඔතරම් දුප්පත් මිනිස්සුන් ට ආදරේ නම් හාල් මිල රු 50ක් කර අවුරුද්දක්වත් පවත්වාගෙන යන්න. රටට වැරදි ආදර්ශ දීමෙන් වැලකී සිටීම ඉතා හොද යැයි සිතමි. රටේ ම ජනතාව ඔබගේ කෙරුම් ගැන දන්නා බව සිතමින් කතා කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

