අපිට හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බෑ - අගමැති
ණය ගෙවා දැමිය හැකි ආර්ථිකයක් නිර්මාණය කරන බවත් ශ්රී ලංකාවට ණය ලබාගැනීමට පවා අවස්ථාවක් නොතිබුණ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඊයේ (31දා) කඩුවෙල පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අග්රාමාත්යවරයා මේ බව පැවැසීය.
“යුද්ධයෙන් පස්සේ අපේ විශාල බලාපොරොත්තුවක් තිබුණා අපේ ආර්ථිකය දියුණු වෙලා එයි කියලා. අපි ආණ්ඩුව භාර ගන්න කොට ණය වෙලා ණය වෙලා කොච්චර ණය ගත්තද කිව්වොත් අපිට ණය දෙන්නවත් කවුරුවත් ලෑස්ති වුණේ නෑ.
අමාරුවෙන් අපි ණය ගන්න රටේ ආයෙමත් විශ්වාසයක් ඇතිකළා. මොකද අපි ණය ගන්නේ නැත්නම් තියෙන ණය ආපහු ගෙවන්න බෑ. අමාරුයි. අපි ඔක්කොම දුක් වින්දා.
අපිට ගංවතුරට මුහුණ දෙන්න සිදුවුණා. ගංවතුරෙන් පස්සේ නියඟයට මුහුණ දුන්නා. නියඟයෙන් පස්සේ ප්රා දේශිය සභා ඡන්දය පැරදුණා. සමහරු හිතුවා ආණ්ඩුව ඉවරයි කියලා.
ඒකත් අල්ලගෙන කොහොමහරි ඉදිරියට ගියා. කුමන්ත්රණයෙන් අපි දවස් 52ක් එළියේ හිටියා. හුඟක් අය හිතුවා අපි වැටිලා කියලා.ඒකත් උස්සගෙන ආවා.
ඊට පස්සේ පාස්කු ඉරිදා බෝම්බය ඇතිවුණා. පාස්කු ඉරිදට පෙර සිකුරාදා සෙනසුරාදා බැලුවනම් එදා තිබුණේ හොඳ ආර්ථිකයක්.
මේ බෝම්බෙන් පස්සෙත් අපි ගැන ආර්ථිකය ගැන විශ්වාසයක් තිබෙනවා. අපි ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. අපිට හැම දාම ණය වෙවී ඉන්න බෑ. අපිටත් හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බෑ. අපිටත් ආත්ම ගෞරවයක් තිබෙනවා. අපිට ශ්රී ලංකාව හැටියට කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.”

popular news
-
Lion Thursday, 01 August 2019 07:43 PM
ඕගොල්ලෝ 225 පොසත්තු අපි හිග්නන්නෝ
Reply : 0 0
Deepal Nirosh Thursday, 01 August 2019 09:30 PM
මිනිස්සු පුළුවන් හැටියට උපයගෙන ජීවත් වේවි, අන්න ඒකට අපට මේ රට මේ තරමින් හරි ඉතුරු කරල දෙන්න. බොහොම ස්තුතියි!
Reply : 0 0
කෝලිත Thursday, 01 August 2019 09:46 PM
ඇයි විකුණල කෑව මදිද......
Reply : 0 0
TNA Friday, 02 August 2019 06:21 AM
මම මහා බැංකුවට අර්ජුන පත් කලේ ඔය අභියෝගයෙන් ජය ගන්න .
Reply : 0 0
Champa Friday, 02 August 2019 08:35 AM
මේකට උත්තර දෙන්න ඕනේ මොන භාෂාවෙන්ද? ඉංග්රීසි සියබසෙන් තමා උත්තර දෙන්න ඕනේ. මොකොද මෙයාට සිංහල කුනුහපර මං හිතන්නේ තේරෙන්නේ නැහැ. අවුරුදු 4 1/2ක් තිස්සේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන දේවල් විකුණා විකුණා ණය අරගෙන දැන් කියනව හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බැලූ. දැන් බලාගෙන ගියහම ගංවතුර ගලල නියඟය ඔක්කොම ඇවිල්ල තියෙන්නේ 2015න් පස්සේ. අපි ඔක්කොම දුක් වින්දලු. නැහැ, තොපි තාම දුක් වින්දේ නැහැ. ඉස්සරහට දුක් විඳින්න වෙයි මේ අවුරුදු 5 ට කරපු දේවලට සියලු දේපල රාජ සන්තක වුනහම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

