අපිට විරුද්ධ නොවන ලෙසට ලියන්න - වාසු මාධ්‍යයට කියයි
ශ්‍රී ලංකාවේ පළවන දිනපති හා සතිඅන්ත පුවත්පත් මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ ගමනට විරුද්ධව මහා පෙරමුණක් ලෙස පෙල ගැසී සිටින බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අද (25දා) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පුවත් සිරස්තලවලින් නව ආණ්ඩුවට විරුද්ධව ග්‍රාම්‍ය තර්ක ඉදිරිපත් කරමින් සිටින බවත්, මෛත්‍රී- මහින්ද ආණ්ඩුවට විරුද්ධ නොවී ලියන්නැයි මාධ්‍යවලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මේ රටේ දැනට පළවන මුද්‍රිත ජනමාධ්‍ය අතර ඉතා පැහැදිලිව මේ රටේ ජනතා ව්‍යාපාරයට විරුද්ධ මහා පෙරමුණක් අපිට දකින්න පුළුවන්. සතිඅන්ත පුවත්පත්වලත්,දිනපතා පුවත්පත්වලත්,ඉංග්‍රීසි පුවත්පත්වලත්, සිංහල දෙමළ පුවත්පත්වලත් මේ අපේ ආණ්ඩුවට විරුද්ධව රංචු ගැසීමක් තිබෙනවා.
ඒ අය ඒකාධිපති වියරුවට එකතුවෙලා ඉන්න බව ඔවුන් කියනවා. අපිට ඒකාධිපති විදියට වැඩකරන්න උවමනා නම් ඉස්සෙල්ලාම කරන්නේ පාර්ලිමේන්තුව වාරකල්දමන එක. ආයෙත් රැස්වෙලා ආයේ කල්දමන්න පුළුවන්. අලුත් පරිවර්තනයට විරුද්ධ ඒකාබද්ධ කුමන්ත්‍රණය තමයි මේ පෙලගැහිලා තිබෙන්නේ.
අපේ රජයට සහයෝගය දක්වමින් අපි ලබාදෙන්නා වූ සහන, ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම සඳහා බලවේග අපි එකතුකරගනිමින් ඉන්නේ. හිතන් ඇති අපිට බලවේග එකතුකරගන්න බැහැ කියලා.
සති අන්තයේ මුද්‍රිත ජනමාධ්‍ය ගමන් කරවන්න ඕන හැටියේ ප්‍රවෘත්තිය බැගින් හදලා ලියනවා. අපි දන්නවානේ පත්තර ලියන හැටි. උතුරේ අරගල අලුතෙන් ඇතිකරවන්න හදනවා.
විවෘතවම විවිධාකාරයේ පුද්ගලයන්ගේ මතිමතාන්තර එක එල්ල්ලේ අපේ ආණ්ඩුවට විරුද්ධව එල්ල කරමින් තිබෙනවා ඉතාම ග්‍රාම්‍ය ආකාරයට. සතිපතා පුවත්පත් සමග එකතු වුණු දිනපතා පුවත්පත්වලත් සිරස්තල ඔක්කොම තියෙන්නේ අපේ ගමනට විරුද්ධව නායකත්වයක් දෙමින්. අපිට වාසිවන විදිහට ලියන්න ඕන නැහැ. අපිට විරුද්ධ නොවන ලෙස ලියන්න” යැයි පවසා සිටියේය.
popular news
-
Don Sunday, 25 November 2018 05:53 PM
පාර්ලිමේන්තුවෙන් පිට ආණ්ඩු හදල,කැබිනට් රැස්වීම් පවත්වල, ප්‍රෝඩාවෙන් රාජ්‍යයක් ගෙනයන්න බැහැ. යථාර්තයට මුහුණ දෙන්න පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත මන්ත්‍රී චන්දෙන් ආණ්ඩු පත් කිරීම හෝ විසුරුවීම මැනවි.
Reply : 0 5
ත්‍රස්තයා Sunday, 25 November 2018 08:54 PM
යහපත් ලෙස හැසිරෙන්න , සමාජයට ආදර්ශමත් වෙන්න , අවංක වෙන්න , මුදලට මනුස්සකම පාවා නොදෙන්න , නීතිගරුක වෙන්න . එහෙමනම් විරුද්දව කිසි කෙනෙකුට ලියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ . ඉපදුන රටට ආදරය කරන්න .
Reply : 0 6
Champa Sunday, 25 November 2018 09:26 PM
හාඅ හාඅ හා හා මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න දැන් නිදහසක් නැත්ද? හා හා හා හා ඇයි මතක නැත්ද පහුගිය අවුරුදු 4 පුරා රනිල්ට විරුද්ධව, රනිල්ව සහ යහපාලනය ආණ්ඩුව විවේචනය කර කර පුවත් පත් වල ලිපි පලවෙන කොට රනිලුත් ඔහොම කිව්වා. හා හා හා හා රනිල් පත්තර වල නම් කියා කියා බනින කොට මතකද ඕගොල්ලෝ කැහැගැහැව්වා රනිල් මාධ්‍ය වලට තර්ජනය කරනවා පාලනය කරන්න හදනව මාධ්‍ය නිදහස නැති කරන්න හදනව කියලා. මතක නැත්නම් අහන්න ගම්මන්පිලගෙනුයි දිනේෂ්ගෙනුයි විමල්ගෙනුයි. ඇත්තමයි හඳපානේ ආණ්ඩුවේ වැඩ රනිල් වගේමයි. රනිල් නම් මාධ්‍ය අයිතිකරුවෝ සහ ලියන්නෝ උස්සන්න ගියේ නැහැ. ඒ වුනාට ඕගොල්ලෝ හරි සැරයිනේ. හූ කිව්වොත් ගහන්නත් පනිනවා. පුටු උස්සන් යනවා, පුටු වලින් ගහනව, මිරිස් කුඩු දිය කරපු වතුර ගහනවා, කුණු කූඩ වලින් ගහනව, බර පොත් වලින් ගහනව. අන්න පර්ක්ෂණයක් කරනවා ඇසිඩ් වලිනුත් ගහන්න හිටියලු. බයත් හිතෙනවා අනේ. දැන් ඔන්න මාධ්‍ය ඕගොල්ලෝ කියන එක හැව්වේ නැත්නම් ඊළඟ පියවර මොකක්ද? මාධ්යවෙදීන්ව හඳපානේ never-never-land එකට කැන්දන් යනවද? එහෙම කරන්න එපා හොඳද. රටම ආදරේ කරන හිටපු ජනාධිපතිතුමාව අපකීර්තියට පත් කරන්න එපා.
Reply : 0 5
Champa Sunday, 25 November 2018 09:47 PM
හා හා ඔය වාසු කියන විදිහටම "අපිට විරුද්ධ නොවන ලෙස ලියන්න" කියලා රනිල් මෛත්‍රී දෙන්නමත් කිව්වා අවුරුදු 4ක්ම. මෛත්‍රීත් මාධ්‍ය වලට සෑහෙන්න දෙහි කැපුව පහුගිය කාලේ. දැන් ඕගොල්ලොත් ඒකම කියනව. ඇත්තටම තේරෙන්නේ නැත්ද වෙලා තියෙන දේ. ඒකාබද්ධ විපක්ෂේ ඉන්න කොට ඕගොල්ලෝ එක්ක හිටපු මාධ්‍යයි ජනතාවයි අද ඕගොල්ලෝ එක්ක නැහැ. ඒ මොකොද කිව්වා නම් රට විනාශ කරපු දේශද්‍රෝහී ජාතිද්‍රෝහී බලවේග එක්ක ඕගොල්ලෝ හඳපානේ එකතු වුනු නිසා. ජාතියටම මඟ පෙන්වයි කියලා දහසක් බලාපොරොත්තු තියන් හිටපු හිටපු ජනාධිපතිතුමා ජනතාව අතැරලා ද්‍රෝහීන් එක්ක එකතු වුන. රටේ ඉදිරි ගමන වෙනුවෙන් මිනිස්සුන්ට තිබ්බ එකම බලාපොරොත්තුව වෙච්ච ඒකාබද්ධ විපක්ෂේ මස් කටු ගත්ත සහ සිරිසේනගේ අවුරුදු 4 ක් පුරා එකතු වෙලා තිබ්බ කිලිටු රෙදි හෝදන වැඩේට බැස්ස. ඒකත් දේශපාලන කුමන්ත්රණයකින්. පේන්නේ නැත්ද ඒකාබද්ධ විපක්ෂෙට හිටියට වඩා වැඩි බලවේගයක්, ප්රජාතන්ත්ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී, පාර්ලිමේන්තු විරෝධී මෛත්‍රී එක්ක එකතු වුන මහින්දගේ කණ්ඩායමට එරෙහිව අලුත් බලවේගයක් විදිහට එකතු වෙලා තියෙනව කියල්. ඒ බලවේගෙට නායකත්වය් දෙන්න දේශපාලකයෝ නැහැ. ඒ හින්ද මාධ්‍ය සටන අතට අරන්
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

