අපිට 113ක් නැති බව අපි පිළිගන්නවා
සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රි ආසන නොමැති බව පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 101ක් බවත් බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්විමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
"මහින්ද රාජපක්ෂට 113ක් නැති බව කථානායකතුමා කියනවා. අපිට 113ක් නැති බව අපි පිළිගන්නවා. එජාපය 122ක් අත්සන් කර ඇත්තේ, විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ 15 හා අනුර කුමාරගේ 6 දෙනාද එකතුවයි. ඒ අනුව රනිල් මහත්තයට ඉන්නේ 101යි.
මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන්නේ 1987 සිටයි. එදා සිට මැතිවරණ 7ක් පවත්වා තිබෙනවා. 1988 හා 2010 පැවැත් වූ මැතිවරණවලින් පමණයි බහුතරය තිබුණේ. අනෙක් කිසිදු මැතිවරණයකදී බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අනෙක් කිසිම මැතිවරණයකදී බහුතරයක් පෙන්නන්න කියලවත් නැහැ. වසර 25ක අතීතය තුළ මෙය සිදුවී තිබෙන්නේ. ඒ නිසා ව්‍යස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කිසිවක් සිදුවී නැහැ, නිවැරදි පිළ අපි නියෝජනය කරන්නේ.
දැන් මේ සම්බන්ධව විභාග වන නඩුව ඉවර නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දෙන දවසක් ප්‍රකාශ කර නැහැ. තීන්දුව දෙන දිනය කිසිවෙකුටත් පැවසිය නොහැකියි. 14 වැනිදට කලින් නඩුවේ තීන්දුව දුන්නොත් හොඳයි. මොකද ඊට එහා ගියොත් උසාවි වාර්ෂික නිවාඩු එනවා. එතකොට අගමැති කෙනෙක් නැති, ඇමතිවරු නැති රටක් වෙනවා. ” යැයි ද පවසා සිටියෙය.

popular news
-
Batangala Tuesday, 11 December 2018 12:22 PM
ඩලස් .....මම ඔබ ගැන මෙතෙක් මා තුල තිබුන පැහැදීම පසුගිය දිනවල ඔබ විසින්ම මේ අර්බුදයේදී තමන්ගේ කල්ලියේ දේසපාලන වාසිය සඳහා කල විහිලු ප්‍රකාශ නිසාම නැතිවුණා. මාතර බුද්දිමත් ජනතාවත් එලෙසම හිතන බව මට හිතෙනවා. 225 තුල සිටි තවත් එක වැඩකට නැති කෙනෙක් වීම ගැන කනගාටුයි.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
