අපි සිදුකරන්නේ ඉතිහාසය විසින් පැවරූ දේශපාලනයක්

තමන් වහන්සේ සිදු කරනුයේ ඓතිහාසික දේශපාලනයක් බවත්, එය වසර පහෙන් පහට එන දේශපාලනයට ඉහළින් තිබෙන්නක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවධාරණය කළහ.
තමන් වහන්සේ ඇතුළු පිරිස මහින්ද, මෛත්‍රී, රනිල් හෝ වෙනත් පාර්ශ්වයක ගෝලයන් නොවන බවත්, තමන් වහන්සේලාට ඉතිහාසය විසින් පවරපු දෙය සිදු කරන බවත් පැවසූ උන්වහන්සේ, එයත් දේශපාලනය බවද පවසා සිටියහ. තමන් වහන්සේ අවුස්සා ගෙන අනවශ්‍ය මානයකට මෙම ප්රශ්නය ගෙන නොයන ලෙසත්, පක්ෂ දේශපාලනය තමන් ඇතුළු පිරිසට අදාළ නොවන බවත් පැවසූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, වසර 70ක් පුරා කළ දෙය පෙනෙන බවත්, එබැවින් තියෙන දෙය රැකගෙන, තම පක්ෂවල වැඩකටයුතු කළ යුතු බවත් අවධාරණය කළහ.
මහින්ද, මෛත්‍රී, රනිල් හෝ වෙනත් පාර්ශ්වයක ගෝලයෙකු වූයේ නම්, තමන් වහන්සේ සිරගත නොවන බවත්, බණක් භාවනාවක් කරගෙන පැත්තකට වන බවට ප්‍රකාශ කළද, තරුණ පිරිස් කලබලයට පත්වූ බවත් පැවසූ උන්වහන්සේ, මෙම අනතුර පහව යනතෙක් ක්‍රියාත්මක වීමට තීරණය කළ බවද පවසා සිටියහ.
මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඊයේ (26දා) දින බැහැදැකීමෙන් පසු දළදා මාලිගාව වැඳපුදා ගත් ඥානසාර හිමියෝ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියහ.
popular news
-
Dayan Monday, 27 May 2019 08:44 AM
ජාතිකත්වය ගැන හඬ නැගීම හා පාලකයන් ලවා නිවැරදි දේවල් කරව ගැනීමට කටයුතු කිරීම ඉතා හොඳය. නමුත් නීතිය අතට ගැනීම ඉතා නරකය.
Reply : 1 9
කෝලිත Monday, 27 May 2019 10:15 AM
2015 ත් කොරල කෙලෙව්වේ ඔය දේශපාලනයම තමා...මේ සැරේ..වෙස්මූන පොඩ්ඩක් වෙනස් වෙයි....අපි නොදන්නා තැටියේ කරවෙන රොටී
Reply : 103 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

