අපි පිළිගන්නේ රටවල්, රජයන් නෙමෙයි
එක්සත් රාජධානිය පිළිගන්නෙ රට මිසක් රජයන් නොවන බව බ්‍රිතාන්‍යයේ ආසියා හා පැසිෆික් අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මතුව ඇති ගැටලුව පිළිබඳව ඡායා විදෙස් ලේකම් එමී ත්රෝන්බෙරී මහත්මිය යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාර්ක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති බවයි.
“ මම හැම පාර්ශ්වයකටම කියන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් ප්‍රමාද වූ නීති හා දේශපාලන ක්‍රියාවලිය ස්ථාපිත කරන ලෙසයි. මේ ගැන මම ඔක්තෝබර් 29 දා පැහැදිලි කිරිමක් කළා. ජනාධිපතිවරයා කථානායකවරයා සමග කතාකර පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවා ඡන්දයෙන් පත්වූවන්ට ශ්‍රී ලංකා ජනතාවගේ හඩ ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි”

popular news
-
සිරිවර්ධන Thursday, 08 November 2018 05:23 PM
ඉංග්‍රීසියෙන් පල වු පුවතට අනුව මෙතුමා කියා ඇත්තේ "We recognises states and not Governments" - එහි පරිවර්තනයට අනුව "අපි පිලිගන්නේ රාජ්‍යන් මිස ආණ්ඩු නොවේ"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

