අපි චණ්ඩිකම් කරපු නිසා අපේ ආණ්ඩුව ජනතාව එපා කිව්වා
- 25 11 2026
- 16:29
- {{hitsCtrl.values.hits}} views
- ..
චණ්ඩිකමින් ආණ්ඩු කළ නොහැකි බවත් චණ්ඩිකම් කළ අයට බේරේ වැවෙන් උඩට ඒමට නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්ර චාමර සම්පත් පැවැසිය. අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
"ගෝඨාභය චන්ඩියෙක් හැටියට අපිත් ඔතන (ආණ්ඩුව) එකසිය හැට ගණනක් තියාගෙන චණ්ඩිකම් කරන්න ගියා. කරන්න බැරිවුණා. ඒ කරන්න බැරිවුණ චණ්ඩිකම් කරන්න ගිහින් තමයි බේරේ වැවට වැටුණේ. බේරෙ වැවෙන් උඩට එන්න බැරිවුණේ චණ්ඩිකම්නිසා. ඒක පිළිගන්න. 30 වැනිදා වැඩ වර්ජනයට ගහලා චණ්ඩිකම් කරන්න බෑ.අපි චණ්ඩිකම් කරපු නිසා තමයි එහෙම ආණ්ඩුවක් එපා කියලා මිනිස්සු ආණ්ඩුවක් ගෙනාවේ. රාජ්ය සේවකයෝ තමයි එකේසියයට 90ක් ඡන්දේ දුන්නේ. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
