අපි කොළඹ හදන්නේ මීටර් 20ක් යට ඉදන්
2020 දී නිවාස 20,000 ක් ජනතා අයිතියට පත්කරන බවත් පසුගිය වසර 60ක් තුළ ලබාදුන් නිවාස සංඛ්‍යාවට සමාන නිවාස සංඛ්‍යාවක් 2015 වසරේ සිට මේ දක්වා ජනතා අයිතියට පත්කර ඇති බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
රුපියල් මිලියන 15,924ක ආයෝජනයෙන් ඉදිකරන ලද නිවාස ඒකක 3,300කින් සමන්විත ‘මිහිජය සෙවණ’,හෙළමුතු සෙවණ’,‘රන්මිතු සෙවණ’ මහල් නිවාස සංකීරණ ත්‍රිත්වය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“කොළඹ පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි කි‍්‍රයාත්මක කළා. අපි කිසිම අවස්ථාවක බලහත්කාරය පාවිච්චි කර නැහැ. එක නිවසක් ඔබේ කැමැත්තෙන් තොරව අපි කඩා ඉවත් කර නැහැ. මේ වසර 04 ඇතුළත නිවාස 15,000 ක අපේ ජනතාව ඒ අයගේ අත්වලින්ම පැරණි නිවාස කඩා අලුත් නිවාසවලට ගියා කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
මේ රටට නිදහස ලැබුණායින් පසුව මුලින්ම 1958 නිවාස යෝජනා ක්‍රම ඇතිවුණා මේ අවවරප්රසාධිත පවුල්වලට. ඒ 1958 සිට වසර 60 ක් ඇතුළත, සේනානායක යුග, බණ්ඩාරනායක යුග, ජයවර්ධන යුග, පේ‍්‍රමදාස යුග, කුමාරතුංග යුග, රාජපක්ෂ යුග මේ සෑම යුගයකදීම ඒ හිටපු ජනාධිපතිවරුන්, ඇමතිවරුන් මෙම ගැටළුව විසඳීම සඳහා උත්සාහ කළා. ඒ අනුව වසර 60ටම ලබාදුන්නේ නිවාස 12,000 යි.
මේ වසර 4 ක කෙටි කාලය ඇතුළත අපි නිවාස 12,000 ක අයිතිය ලබා දී තිබෙනවා පමණක් නෙමෙයි 2020 වන විට නිවාස 20,000 ක අයිතිය ඔබට ලබාදෙන්න කටයුතු කරනවා. අපි කොළඹ පිටින් ලස්සන කරන්නේ නැහැ.
අපි කොළඹ පටන් ගන්නේ මීටර් 20 ක් යට ඉඳන් උඩට මීටර් සිය ගණනක් ගොඩනගන වැඩපිළිවෙලක්. වසර 150 ක් පරණ කොළඹට පානීය ජලය ගෙන එන නල පද්ධතිය දැන් පිළිසකර වෙනවා. අවුරුදු 150 ක් පරණ මලාපවහන පද්ධතිය දැන් පිළිසකර වෙනවා. ඒ වගේම කොළඹ නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ලබන වසර වෙනකොට සූදානම් වෙනවා කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කරන්න.
ඒ වගේම මේ දුගී ජනතාවගේ නිවාස ප්රශ්නය විසඳීම සඳහා 2024 වන විට මේ පැල්පත් නැති දකුණු ආසියාවේ එකම නගරය බවට අපි කොළඹ නගරය පත්කරනවා.”


popular news
-
Champa Sunday, 15 September 2019 07:03 PM
කොළොඹ විතරක් සංවර්ධනය කරන්න මේ වෙනකොට මේ අවුරුදු 5 ඇතුලත කොච්චර විතර ණය අරන් තියෙනවද?
Reply : 0 0
Champa Sunday, 15 September 2019 07:04 PM
කොළොඹ නගරයට කිසිම සැලැස්මක් නැහැ. ඉස්සෙල්ල හදන්න ඕනේ සැලැස්මක්.
Reply : 0 0
Anura Monday, 16 September 2019 02:24 PM
බොරු වපුරන පාටලී චම්පික රණවක !! රටේ සල්ලි කෝ ඔය කියන දේවල් කරන්න !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

