අපි එක සත පහක් වියදම් කරන්න හරි බයයි - රවී
අපි තවමත් ගල් යුගයේ ඉන්න බවත් ඒ තත්ත්වය වෙනස් කල යුතු බවත් විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ,ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ 04 මූලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. ඒ නිසා තවත් කල් බලන් ඉන්නේ නැතිව අපි සිතන ආකාරය නවීකරණය විය යුතුයි. හැම දෙයක්ම සියයට සියයක් නිවැරදිව කළ නොහැකියි. නමුත් ගන්න තීන්දුව තුළින් වැඩි යහපතක් සිදුවෙනවා නම්, එය කළ යුතුයි. එකම තැන හිරවෙලා ඉන්න එක තමයි අපේ රටේ තිබෙන වරද.
අපි එක සත පහක් වියදම් කරන්න හරි බයයි. නමුත් වසරකට කෝටි 100 ක් ලංවිම ණය වෙන එක ගැන කවුරුත් හිතන්නේ නැහැ. ඒ ගැන බිය වන්නේ නැහැ. ඒ වගකීම තිබෙන්නේ අපේ හිස මත පමණයි.
නමුත් පාරිභෝගික ජනතාව වෙනුවෙන්, අපි මේ තත්ත්වය ගැන සිතා කටයුතු කළ යුතුයි. විදුලි පාරිභෝගිකයා නිසා තමයි ලංවිම රැකෙන්නේ. ඒ නිසා අපි ඔවුන් ගැන සිතා කටයුතු කළ යුතුයි. අපෙන් රටට විය යුතු යුතුකම් රාශියක් තිබෙනවා. ඒවා හඳුනාගෙන, කල්නොයවා ඉටුකල යුතුයි. එසේ නොකිරිම අපි ඉදිරි අනාගතයට කරන අපරාධයක්. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ගමනක් නොවෙයි. ඒ වගේම එක ආයතනයක ගමනක් නොවෙයි. මේක සමස්ත රටේම යටිතල පහසුකම් ඇති කරන ආයතනයක්. වසර 50 ක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඒ විශේෂ ගරුත්වය හිමිකරගෙන තිබෙනවා. ඒ තත්ත්වය තවත් වර්ධනය කිරීමයි අප විසින් කළ යුත්තේ
අපට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් ඇතිව කටයුතු කිරීමයි. ලං.වි.ම. ජනතාවට විශාල සේවයක් කරනවා වගේම ඒ සදහා ගිය වියදමත් අපි සලකා බැලිය යුතුයි. ඒ අනුව එකම තැන හිරවෙලා සිටිනවාද, නැතිනම් ඉදිරියට ගමන් කරනවාද කියලා අපි සිතා බලන්න ඕන. වසර 50ක කීර්ති නාමයක් ඇති කළ ලංවිම, තවදුරටත් එය වර්ධනය කළ යුතුයි. අපි චක්‍රලේඛ වලට යටවෙලා, ඒවාට කොටුවෙලා සිටිය යුතු නැහැ. ඒ දේවල් මත්තෙන් අපි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
mahendra wijeratne Friday, 06 September 2019 08:09 AM
සල්ලි ගහන්ඩ බය න ගූඩ් boy
Reply : 0 22
nimal Friday, 06 September 2019 02:53 PM
ඇත්ත කතාව, වියදම් කරන්ඩ බය මහා බැංකු කොල්ල කන්ඩ බය නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

