අප්‍රේල් 10 වනදා සිට විදුලි අර්බුද නෑ - රවී
ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ.
දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා.
ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා. දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා. ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ.

popular news
-
Duminda Saturday, 06 April 2019 02:45 AM
මේකට සද්ද නැතුව ඉන්න මයිත්‍රී වැඩිපුරම වග කියන්න ඕනි. මීට අවුරුද 3 කලින් සම්පුර් බලාගාර යෝජනාව මැදට පැනල වලන් කඩේට පැනපු ගොනා වගේ හොට දල වැඩේ නවත්තල දැම්ම. CEB එකේ ඉන්න පට්ට හොරුත් එක පිටින් දල නිශ්ශබ්ද වෙලා හිටිය, විකල්ප සොයා නොබලා මොකද උන් හැතිකරේ එක විකුණගෙන කනවා. ඒමදිවට ග්‍රාම සේවකයා නොදන්නා මල ඉලවු SOLAR එකක් ප්රෝමොටේ කලා අනිත් ඒවා නොකර . පඩ show වැඩ වලට කොහොමත් මිනිහ එක පයින් . SOLAR පොවෙර් generation ඇත household level වැඩේ නිෂ්පලයි, - ප්‍රදාන සැපයුම නැතිනම් වැඩක් නැහැ - එක ප්‍රදේශයක මේවා වැඩිපුර සවිකිරීම තුලින් සැපයුම් පද්දතිය අස්ථාවර වීම
Reply : 0 58
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

