අපරාධකරුවන්ට ආයුධ අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
ගිනිඅවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් අය 52 සහ 68 හැවිරිදි වියේ පසුවෙති.
එම සැකකරුවන් සමඟ බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, ගිනිඅවි නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්, මිලිමීටර් 12 වර්ගයේ උණ්ඩ දෙකක්, විවිධ ප්රමාණවලින් යුතු කඩු තුනක් හා පිහියක් පොලීසිය භාරයට ගෙන ඇත.
මීට දින දෙකකට පෙර දැරණියගල පොලිස් වසමේ මාලිබඩ ප්රදේශයේදී, අත්අඩංගුවට ගත් මංජු නමැති පාතාල සාමාජිකයකුගේ ගෝලයකුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වැටලීම කර ඇත .
එම ප්රදේශයේ මත්පැන් ජාවාරම්කරුවන් ප්රදේශවාසීන් බියවැද්දීම සඳහා ගිනිඅවි සන්තකයේ තබාගන්නා බවත්, එම ගිනිඅවි මිලදී ගනු ලබන්නේ ගඟ බඩ ප්රදේශයේ පුද්ගලයකුගෙන් බවත් අනාවරණය වී ඇත.
ඒ අනුව කළ වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ වහලයේ සඟවා තිබී ගිනිඅවි ඇතුළු ආයුධ සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
