අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්
2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .
එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 14.41ක ආදායමට සාපේක්ෂව 6.03%ක වර්ධනයක් බවද සභාපතිවරයා පැවසීය.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ , අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම වසරේ ඔක්තෝම්බර් මස සහ මෙම වර්ෂයේ ඉකුත් මාස 10 තුළ ශ්‍රි ලංකාවේ අපනයනය කාර්ය සාධනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමිනි.
2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 5.72%කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2025 වසරේ එම කාලසීමාවේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.36ක් ලෙස වාර්තා වි ඇති බවද හෙතෙම පැවසීය .
සේවා අපනයන ආදායම ද 7.20%කින් වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.05ක සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.27ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, 2026 ඔක්තෝබර් මාසයේදී පමණක් මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.62ක් ලෙස වාර්තා වී තිබේ. එය 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.45ට සාපේක්ෂව 11.57%ක වර්ධනයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
