
මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්රදේශයේදී යාපනය දෙසට ධාවනය වු සුභෝපබෝගී පුද්ගලික බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් ඇත.
අනතුරින් බස් රථයේ ගමන් ගත් අට දෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්. මොවුන් තිදෙනා යාපනය ප්ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්රථිකාර සඳහා අනුරාධපුර රෝහලට වෙත මාරු කර යවා ඇත.
මෘත ශරිර මැදවච්චි රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත. ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.