අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට ප්රවෘත්ති නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙවැනි අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කිරීමෙන් නොසැලෙන බවත්, ප්‍රතිපත්ති පවතින, වෙනම වැඩපිළිවෙළක් ඇති බලවේගය ජාතික ජන බලවේගය බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට අද (01දා) සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව දිනවීමට නම් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කළ යුතු බවත්ය.
