ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01දා) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද රත්නායක මහතා පැවසීය.
ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාද සහභාගි වීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
රට පුරා යමින් ජනතාව දැනුවත් කිරීමේ රැලි හා 'ජනතා සභා' මේ වනවිටත් සාර්ථකව පවත්වමින් පවතින බවත්, ජාතික ජන බලවේගය මැතිවරණය සඳහා ඉදිරිපත් වන ඡන්ද සලකුණ පිළිබඳ කඩිනමින් ජනතාවට දැනුම් දෙන බවත් රත්නායක මහතා පවසා සිටියේය.
නවෝද්‍යා පවනි