අනාරක්ෂිත ළිඳකට වැටුණු අලි පැටවා
මන්නාරම මාන්තෙයි බටහිර ප්රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටි සිටි වනඅලි පැටවෙකු ඊයේ (24) රාත්රියේ බේරාගෙන කැලෑවට නිදහස් කොට ඇති බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.
වයස අවුරුදු 12 ක් පමණ වූ මෙම වනඅලි පැටවා අනාරක්ෂිත ළිඳට වැටි සිටිනු ප්රදේශවාසීයෙකු ඊයේ සවස දැක ඒ බව අඩම්පන් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා යුද හමුදාව එක්ව මෙම වනඅලි පැටවා ගොඩගැනීමට පියවර ගෙන ඇත.
පස්කපන යන්ත්රයක ආධාරයෙන් ඊයේ රාත්රියේම අදාළ ළිඳෙන් අලි පැටවා ගොඩට ගෙන අසල පිහිටි රක්ෂිත වනාන්තරයට මුදා හැරීමට පොලීසිය හා යුදහමුදාව පියවර ගනු ලැබීය.

popular news
-
Champa Wednesday, 25 December 2019 09:25 PM
අනේ අහිංසක අලි පැටව බේර ගත්ත එක කොච්චර දෙයක්ද! අනාරක්ෂිත ළිං වහලා දාන්න කියන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

