හෝමාගම පෞද්ගලික විශ්වවිද්යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් මිලියන 100ක මුදලක්ද ඔවුන් ඒ ආකාරයෙන්ම බැර කිරීමට තැත්කර තිබේ. මේ පිළිබඳව පසුගිය 24දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව කරනු ලැබූ විමර්ශනවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

