අන්තර්ජාලයට ගිය විදුහල්පති අගයයි
තලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.
එය දුටු ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂක සුජීව ගුණරත්න මහතා එම විදුහල්පතිතුමාගේ නිවසටම ගොස් එම විදුහල්පතිතුමාගේ ක්‍රියාව විශේෂ ඇගයීමකට භාජනය කළේය. එසේම විදුහල්පතිතුමන් හට මුදල් පරිත්‍යාගයක්ද සිදු කර එතුමන් දිරිගැන්වීය.
සුළු ඉල්ලීම් වලටත් ජනතාව පෙළමින් වැඩ වර්ජනය කරන ඇතැම් රාජ්‍ය සේවකයන්ට මෙම විදුහල්පති තුමා ලබා දුන්නේ මහගු ආදර්ශයක් බවද සුජීව ගුණරත්න මහතා විදුහල්පතිතුමන් ඇගයීමට ලක්කරමින් කියා සිටියේය.
මෙවැනි ඇගයීමක් කිසි කලක නොලද බවත්, තමා මොනතරමේ දුෂ්කරතාවයන් පැමිණියද දරුවන් වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරිමට බැදී සිටින බව එහිදී විදුහල්පතිතුමා කියා සිටියේය.
මහියංගණ - රංජිත් කරුණාවීර


popular news
-
Champa Thursday, 27 December 2018 05:03 PM
ඇත්තටම මේ විදුහල්පතිතුමාව අගය කල යුතුමයි. පෞද්ගලික වැටුප් සහ දීමනා වැඩි කරන්න කියලා පාසල් දරුවන් සහ රජයේ සේවකයන් ප්‍රාණ ඇපයට ගන්න මිනිස්සු ඉන්න රටක තමන්ගේ පාසල වෙනුවෙන් කිසි කතාවක් නැතුව යුතුකම් ඉෂ්ඨ කරන මෙවැනි විදුහල්පතිවරුන් රටේ අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක්. දුර බැහැර, සම්පත් අඩු මේ වගේ පාසල් වලට tri shaw ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යංශයට බැරිද?
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

