අන්තර්ජාල තාක්ෂණික දැනුම මෙරට භික්ෂු සමාජයට ලබා දිය යුතුයි
21 වැනි සියවසෙන් ඔබ්බට, දැනුම සංසරණය වන විශිෂ්ටතම මාර්ගය අන්තර්ජාල තාක්ෂණය බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට බුදුදහම ආකර්ෂණය කරගැනීම සඳහා එම තාක්ෂණික දැනුම මෙරට භික්ෂු සමාජයට අත්පත් කරගැනීමට අවස්ථා සම්පාදනය කරදිය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (25) පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පිරිවෙන් විද්‍යායතන 59 ක් සඳහා සෞන්දර්ය උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
මෙරට පිරිවෙන්වල පැවැත්ම වෙනුවෙන් සහ පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා ව සිටි අවදියේ දී යෝජනා රැසක් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ ද පිටු අංක 20 සිට 27 දක්වා පරිච්ඡේද අතර පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම සම්බන්ධ ව විශේෂ සටහනක් තබා ඇති බව ද සඳහන් කළේය.
මෙරට 76,000කට ආසන්න ගිහි සහ පැවිදි සිසුන්, 7,000 කට ආසන්න පිරිවෙන් ගුරුවරුන්, පිරිවෙන් අධ්‍යයනායතන 825කට ආසන්න සංඛ්‍යාවක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නිරත ව සිටින බවත්, මෙය විශාල පද්ධතියක් බවත්, මෙම ආනුභාවසම්පන්න ආයතනයන්හි ඉදිරි සාධනීයත්වයට නූතන තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.







popular news
-
Don Tuesday, 25 February 2020 09:38 PM
මෙයා භික්ෂු සමාජය ගැන කිසිම අවබෝධයක් නෑ. එයාල අපිටවඩා සෑහෙන්න පෙරමුණේ. පුලුවන්නම් තරඟයක් තියල බලන්න කවුද හරි කියල.මේවට නෙමෙයි ගෝටට චන්දෙ දුන්නේ දුප්පතුන්ට සේවයක් කරන්න. අධිවේගේ අරින්න කොළොඹ ඉඳල හෙලිකොප්ටර් වලින් අයියටයි මල්ලිටයි යන්න වියදම් කරන්න නෙවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
