අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුල් වු තිදෙනෙකුට රු.180,000 දඩයක්
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කොට ඇතුළුවීම, ගිණිදැල්විය හැකි උපකරණ රැගෙන යාම හා සතුන් බෝවෙන ස්ථානයකට බාධාවක් ඇතිවන ලෙස හැසිරිම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුහට එක් අයෙකුට රුපියල් 60,000 ක් බැඟින් රුපියල් 180000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (19) නියෝග කළේය.
එක් පුද්ගලයෙකුහට එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් චෝදනාවන් තුන සදහා රුපියල් 60,000 ක් බැගින් පුද්ගලයන් තිදෙනාට මෙසේ රුපියල් 180,000 ක දඩ මුදලක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කරන ලදි.
මෙලෙස දඩ නියමවුයේ මීරිගම, වෑබඩ හා හෙවනකුඹුර යන ප්රදේශයන්ගේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුහටය.
මොවුන් තිදෙනා අවසර පත්‍රයක් නොමැතිව තහනම් මාර්ග භාවිතා කරමින් වනෝද්‍යානය තුළට ඉතාමත් හොර රහසේ ඇතුළු වි එහි ගැවසෙමින් සිටියදි වනෝද්‍යාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, සහකාර භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව නියාමකවරුන්වන රුක්ෂාන්, ධාරක ලක්මාල්, ප්රියදර්ශණ, ශෙහාන්, අඩවි ආරක්ෂක ජයරත්න, කේෂත්ර සහායක සම්පත් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් අධිකරණය හමුවට ඉදිපත් කොට තිබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

