ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව හුදකලාව ජීවත් වන ගෝත්‍රික සාමාජිකයන් 10 දෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
මෙය එම සුළු ගෝත්‍රික ජනතාවගේ සහ අනෙකුත් ආදිවාසීන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලට හේතුවක් බව බලධාරීහු පවසති.
මෙම පිරිසෙන් හය දෙනෙකු සිය නිවෙස්වලම නිරෝධායනයට යොමුකර ඇති අතර, සෙසු අය ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.
මෙම අන්දමන් ගෝත්‍රික වැසියන් 50කට වඩා සුළු ප්‍රමාණයක් පමණක් අද වනවිට දිවි ගලවාගෙන ජීවත් වන අතර, ආහාර සහ නවාතැන් කුඩා සමුද්‍ර දූපතේ වෙසෙන ඔවුන්ට ඉන්දියානු රජය ලබාදෙන නිසාය.