අනතුරු 6කින් 6ක් මරුට
දිවයිනේ ස්ථාන කිහිපයක අද (28දා) හා ඊයේ (27දා) සිදුවූ රිය අනතුරු කිහිපයක් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පමුණුගම - ත්රිරෝද රථයක් හා ස්කැමල් රථයක් ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු 17ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මහබාගේ - ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 59ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
කැළණිය - බස් රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පා පැදියේ ගමන් කළ 70ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
හෝමාගම - පුද්ගලික බස් රථයක පදිකයෙක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 70ක් වූ පදිකයා ජීවිතක්ෂයට පත්ව ඇත.
පිටිගල - යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 26ක් වන තරුණයෙක් මියගොස් ඇත.
සේරු නුවර - ට්රැක්ටර් රථයක ටේලරයක් ගැලවී යාමෙන් සිදුවූ අනතුරනික් 17ක් තුවාල ලබා අවුරුදු 64ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

