අධීක්ෂණ මන්ත්‍රී පැකේජය ජනපති ප්‍රතික්ෂේප කරයි
අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඊයේ(07දා) ඉදිරිපත්වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිකේෂ්ප කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම්,මහාභාණ්ඩාගාර ලේකම්වරයා සකස් කළ මෙම යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා කාර්යමණ්ඩලයේ 07ක්,නිල වාහනයක්,දුරකථන පහසුකම් ඇතුළුව මාසිකව රුපියල් ලක්ෂ 07ක පමණ දීමනා හිමිවන පරිදි පත් කිරීමට යෝජනා කර තිබේ.
ජනාධිපතිවරයා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ් සඳහා සන්ධාන අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද සහාය හිමිවී ඇති බව වාර්තා වෙයි.

popular news
-
raawana Wednesday, 08 August 2018 09:13 AM
හොඳ තීරණයක්!!!
Reply : 0 0
Champa Wednesday, 08 August 2018 09:54 AM
මාසෙකට ලක්ෂ 7ක් දීමනා? මේක නම් හරිම හොඳ වැඩක්. පඩි වැඩි කරන එක වෙනුවට හීන් නූලෙන් UNP කාරයන්ට සල්ලි දෙන්න කරපු වැඩක්. මේක නවත්තපු එකට නම් ජනාධිපතිතුමාට ඉහලින්ම ස්තුති කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
