අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මේ වසර අවසන් වනවිට මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබුණද, සැප්තැම්බර් මාසය වනවිට එය අවසන් කිරීමට හැකිවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාස කරන බව එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේය.
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 01 වැනිදා ආරම්භ විය.
අධිවේගී මාර්ගය කිලෝමීටර 9.6ක දිගකින් යුක්ත වන අතර, එහි කිලෝමීටර් 6.3ක ප්‍රමණයක් උස් කුලුනු මත ඉදිකර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 66.7ක් වන අතර, මෙම අධිවේගී මාර්ගය හරහා කොට්ටාව - මාතර (E-1) අධිවේගී මාර්ගය සහ කොළඹ- කටුනායක (E-3) අධිවේගී මාර්ග සම්බන්ධ වීම සිදුවේ.

popular news
-
kapila Wednesday, 10 July 2019 12:39 PM
මහින්ද හිටියනම් මේක විවුර්ත කරන්නේ 2017දි.
Reply : 4 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

