අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීම කඩිනම් කරයි - නැගෙනහිරටත් අධිවේගයක්
ශ්‍රී ලංකාවම යා කරමින් ඉදිකිරීමට යෝජිත අධිවේගි මාර්ග ජාලයේ ඉදිකිරිම් කඩිනම් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ කඩවත-මීරිගම, මීරිගම-කුරුණෑගල, පොතුහැර-ගලගෙදර සහ කුරුණෑගල-දඹුල්ල ලෙස අදියර 04කින් ඉදිකිරීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම,
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කහතුඩුව-ඉංගිරිය, ඉංගිරිය-රත්නපුර සහ රත්නපුර-පැල්මඩුල්ල ලෙස කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම,
නැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටුපළේ සිට වැල්ලවාය හා සියඹලාණ්ඩුව හරහා පොතුවිල් ප්‍ර‘දේශය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහාත්, රුවන්පුර අධිවේගී මාර්ගයේ I කොටස සඳහා වන යෝජනාවක් M/s CNTIC ආයතනය වෙතින් ලබාගැනීම සඳහාත්, එම ව්‍යාපෘතියෙහි II කොටස ඉදිකිරීම සඳහා තරගකාරී පදනම මත අභිලාෂ ප්‍රකාශ කැඳවීමටත් නියමිතය.
එසේම නැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදුකිරීමට සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීම සඳහාත් මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

popular news
-
රංග තේනුවර Thursday, 20 February 2020 08:24 PM
අධික වේගය මරු කැඳවන නිසා අධිකවේගී මාර්ග භාවිතයෙන් වළකිමු.
Reply : 0 0
Jayawardana Friday, 21 February 2020 11:51 AM
Good proposal that elongation of mattala to potuvil express way. And i suggest to 1. elongate beliattha raiway also eup to potuvil via kataragama wellawya monaragala and siyabalanduwa. 2.and elongate and join kandy highway with baticalow. Ampara and potuvil express way. 3.elongate ruwanpura high way up to monaragala. 4.elongate kandy rail way up to bibila mo nar agala 5.elongate ella railway up to kataragama via wellawaya බුත්තල 6.then can increase tourism field and can reduce the time waste. Good luck sri lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
