අධිවේගී අලිමංකඩ ඉදිකිරීමේදී හරිත සංකල්පයට ඉඩ
අධිවේගී මාර්ගය හා සම්බන්ධ අලිමංකඩවල් ඉදිකිරීමේදී හරිත සංකල්පයට මුල් තැන ලබාදෙන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.
අමාත්‍යවරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයන්හි ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව වනඅලින් සැරිසැරීම පිළිබඳ අමාත්‍යාංශ අදාළ නිලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුවය.
එසේම අන්දර වැව, මත්තල හරහා හම්බන්තොට අදියර 04 කොටස සඳහා දැනට ඉදිකර ඇති අලිමංකඩවල් පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට සමීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අලි ගහනය සුලභ ප්‍රදේශ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම්දී තිබේ.
දැනට පවත්නා අලිමංකඩවල කොන්ක්‍රීට් බහුල බවත්, ඒ අනුව අලින් ඒ හරහා මාරුවීමට රුචිකත්වයක් නොදක්වන බවත් පෙන්වාදී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඒ හේතුවෙන් අදාළ අලිමංකඩවල් වඩාත් පරිසර හිතකාමීව හා හරිත සංකල්පයට ප්රමුඛත්වයක් ලබාදෙමින් වැඩිදියුණු කරන ලෙසට සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
එසේම දැනට පවතින අලිවැට කුමන ස්ථානවලින් ශක්තිමත් කළ යුතුද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

popular news
-
dakune ali Thursday, 05 December 2019 08:42 AM
දන්නා බෂාවෙන් ලිපි කිහිපයක්ම දැම්ම අපිට පාර මාරුවෙන්න ක්‍රමයක් හදන්න කියල කිසිම වැඩක් උනේ නැහැ ඉංජිනේරුවෝ මේ රටේ අපේ උරුමය ගැන දන්නෙම නැහැ මොරටුවේ උගන්නන්නේ නැතිලු මහා බැංකුව කොල්ල කන්න අපි සම්බන්ද නැහැ අපි මහා කැලේ ගස් කොලන් කනවා වගා බිම් නම් කොල්ල කනවා බඩගිනි උනහම සල්ලි අපිට වැඩක් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

