විවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇති වන බවත් අපි මේ සැකය දුරු කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
“අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන මේ හානිදායක දේවල් ඉවත් කර ගන්න ඕන. මේ රටේ ව්‍යවස්ථාව හරියට සකස් කර ගත්තේ නැත්නම් රටක් වශයෙන් ඉදිරියට යන්න බැහැ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපි පත් කර ගත්ත ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව අද ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. මේ කොමිෂන් සභාවල ඇතැම් ක්රියාකාරිත්වයන් බලන කොට මේවා දේශපාලඥනයින්ට රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි පත් කළ ඒවා ද කියලා හිතෙනවා.
විශේෂයෙන් අධිකරණයේ ස්වාධිනත්වය මෙන්ම විශ්වාසයත් අවශ්‍යයි. ස්වාධිනත්වය විතරක්ම ප්‍රමාණවත් නැහැ. විශ්වාසයත් අවශ්‍ය වෙනවා. ජනතාව තුළ විශ්වාසයක් තියෙන්න ඕන කිසිදු බලපෑමක් නොමැතිව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් දැන් විවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට මේ පිළිබඳව අවිශ්වාසයක් ඇති වෙනවා. අපි මේ සැකය දුරු කළ යුතුයි. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අවධාරණය කරන්නේ මේ තත්ත්වය වහාම නිවැරදි කළ යුතුයි. මේවා නිවැරදි කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් අධිකරණයේ හා පොලීසියේ ස්වාධිනත්වය ඇති කිරීමෙන් පමණයි.
අපි අධිකරණයේ ස්වාධිනත්වය පොලීසිය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ ඇති වෙන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතුයි. මේ සියල්ල කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. නව පිටුවක් පෙරළලා තියෙනවා. නව මාවතකට ගෙනත් තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ඡන්දය තුළින් මේ රටේ බුද්ධ ධම්ම විතරක් නෙවෙයි ත්‍රිවිධ රත්නයට සුරක්ෂිත වෙලා තියෙනවා.රට ආරක්ෂා වෙලා තියෙනවා.රටට තිබුණු අඳුරු යුගය අවසන් වෙලා තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
