අධිකරණය නිවාඩු ලබා දිමට පෙර නඩුවේ තින්දුව ලබාදෙන්න - ඩලස්
අධිකරණය නිවාඩු ලබා දිමට පෙර නඩුවේ තින්දුව ලබාදුන්නොත් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය.
එහිදි අදහස් දැක්වු මන්ති‍්‍රවරයා,
‘‘ දැන් මේ සම්බන්ධව තියෙන නඩුව ඉවර නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව දෙන දවසක් ප්‍රකාශ කර නැහැ. තින්දුව දෙන දිනය කිසිවෙකුටත් පැවසිය නොහැකියි. 14 වෙනිදට කලින් නඩුවේ තින්දුව දුන්නොත් හොදයි. මොකද නැත්නම් ඊට එහා ගියොත් එහි නිවාඩු එනවා, එතකොට අගමැති කෙනෙක් නැති , ඇමතිවරු නැති රටක් වෙනවා. ඒ වගේම කියන්න ඕන ජනාධිපතිවරයා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් තියෙනවා. යම් විදියකින් එම කුමන්ත්‍රණය කි‍්‍රයාත්මක වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මළ නිතියක් වේවි. ඒ නිසා ජනාධිපතිවරයා පරිස්සම් විය යුතුයි.
පසුගියදා රුපවාහිනියේ ජනපි‍්‍රයම වැඩසටහන බවට පාර්ලිමේන්තුව පත්වුණා. ලංකා ඉතිහාසයේ රැකපු ව්‍යවස්ථා සම්ප්‍රදායන් කඩකරමින් කරු ජයසුරිය මහතා වාර්තාවක් තබා තිබෙනවා. අප අසා තිබුණේ හමුදා කුමන්ත්‍රණ පමණයි. ව්‍යවස්ථාදායකය, අධිකරණය තුළත් කුමන්ත්‍රණ ලෝක ඉතිහාසයේ සිදුවි තිබෙනවා. මේ සියලූ කුමන්ත්‍රණ ජනතා අධිකරණයක් තුළ දැක ගත හැකියි. ’’ යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි

popular news
-
Saththaya Sunday, 09 December 2018 07:36 PM
පිස්සු නැත්නම් ෂෝක්.
Reply : 0 2
rocky Monday, 10 December 2018 09:29 AM
අධිකරණය වලහප්පෙරුමට කීකරු විය යුතුයි. නැත් නම් දන්නවනේ එයාගේ බොස්ගේ තරම?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
