අධික වේගය පාසල් සිසුන් 4 ක් ඇතුළු 05 දෙනෙකු රෝහල්ගත කරයි
යාපනය කොට්ඨඩි ප්රදේශයේදී අද (06) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් සිවු දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.
අද උදෑසන පාසල් වෙතට යමින් සිටි සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර එහිදී ත්රීරෝද රථයක් අධික වේගයකින් පැමිණ ඇති අතර එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුද යට කරමින් තවත් පාසල් සිසුන් දෙදෙනෙකු පියා සමඟ යතුරුපැදියක ගමන් කර සිටියදී අදාළ යතුරුපැදියේද ගැටී ත්රිරෝද රථය යතුරුපැදියද සමඟින් කාණුවකට පෙරළි ඇත.
එහිදී යතුරුපැදියේ ගමන් කළ සිසුන් දෙදෙනා හා ඔවුන්ගේ පියාද මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් දෙදෙනෙකුද බරපතළ තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුලත් කිරීමට ප්රදේශවාසීන් පියවර ගනු ලැබීය.
අනතුරින් පසුව ත්රිරෝද රථයේ රියදුරුට අසල්වාසීන් විසින් පහරදීමට උත්සාහ දරා ඇති අතර එහිදී යාපනය පොලිස් නිලධාරීන් විසින් ත්රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

