අධි විෂ මත්ද්‍රව්‍ය සමග තවත් තරුණ පිරිසක් අත්අඩංගුවට
අධි විෂ මත්ද්‍රව්‍ය සමග මුහුදු සංචාරයකට යෑමට පැමිණි තරුණ පිරිසක් එම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මිරිස්ස ධීවර වරායෙන් මුහුදු යෑමට පැමිණි තරුණයන් 9ක් හා තරුණියන් 03ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 20 හා 26 වයස්හි පසුවන ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගනේමුල්ල, මාකොල, කැළිණිමුල්ල, රත්මලාන, හඳගනාව, වත්තල, මාතර, වැලිගම පදිංචිකරුවෝත වෙති.
සැකකරුවන් ඊයේ (14දා) සවස 3.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සැකකරුවන් සන්තකයේ තිබූ හෂීෂ් ග්‍රෑම් 1.170, අයිස් ග්‍රෑම් 1.490, කේරළ ගංජා ග්‍රෑම් 5.500, එම්.ඩී.එම්. මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 720, හඳුනා නොගත් මත් පෙති 05, දිව යට තබාගන්නා මුද්දර හා තිරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් 65ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
