අධ්‍යාපනයට වෙනස් නොවන ප්‍රතිපත්තියක් ඕන
දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ (01දා) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධූරයේ වැඩ භාර ගනිමින් මේ බව පැවැසීය.
“වඩා වැදගත් වන්නේ අප කිසිවෙක් දරන තනතුරු නොව අප සතු ඉලක්කයන් සහ ඒවා සාක්ෂාත් කරගන්නට අපට ඇති හැකියාවයි. තොරතුරු ගබඩා කරමින් දැනුම දියුණු කරන්නන් වෙනුවට අධ්‍යාපනය කේන්ද්‍රගත විය යුත්තේ ප්‍රඥාව දියුණු කළ හැකි ක්රමයකටයි.
ලෝකයේ දියුණු රටවල් මේ වනවිටත් ඒ ක්‍රමයට අනුගතව සිටිනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ද එවන් වෙනසකට ලක් කිරීම අත්‍යවශ්‍යයි. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම සම්බන්ධ ව දෙමව්පියන් ඇතුළු සමස්ත සමාජය වෙහෙසෙන ස්වභාවය ගැටළුකාරීයි.
විශේෂයෙන්ම මෙරට අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතුව පවතිනවා”

popular news
-
මරික්කාර් Thursday, 01 November 2018 02:11 PM
ප්‍රතිපත්තියක් නැති නින්දිත චරිතයක් මෙවෙනි ප්‍රකාශයක් කිරීම විහිළුවක්...
Reply : 0 2
hemantha Thursday, 01 November 2018 03:19 PM
වෙනස්වෙන ප්‍රතිපත්ති තියෙන දෙසපාලකයෝ කොහොමද වෙනස් නොවෙන ප්‍රතිපත්ති හදන්නේ. ??????
Reply : 0 2
AW Thursday, 01 November 2018 05:09 PM
ඔබේ ප්‍රතිපත්තිය කියන්න බලන්න අපට දැනගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

