අද රජ පවුල ඇතුළේ අවුල්
2015ට පෙර ක්‍රියාත්මක වූයේ රජ පවුලේ පෙරළිය වුවත් අද වන විට ක්‍රියාත්මක වන්නේ ග්‍රාම ශක්තිය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
‘යළි පිබිඳුනු උදාගම්මාන’ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිලාන, කැරැන්කැටිය ප්‍රදේශයේ ඉදි වූ ‘සියපතගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
“ අද යහපාලන රජය යටතේ සිදු වන්නේ ගම් පෙරළියයි. 2015 ට කලින් ක්‍රියාත්මක වූයේ රජ පවුලේ පෙරළියයි. අද ක්‍රියාත්මක වන්නේ ග්‍රාම ශක්තියයි. එදා ක්‍රියාත්මක වූයේ රජ පවුලේ ශක්තියයි. ඒ වගේම රජය අද ගම් උදාව ක්‍රියාත්මක කරන විට පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූයේ රජ පවුලේ උදාවයි. ඇත්ත මෙයයි.
යුද ජයග්‍රහණය ලැබුවා විතරයි, එය ආයුධයක් කරගෙන පසුගිය පාලකයන් ඩොලර් ගණනින් මුදල් ලබා ගත්තා. පවුම් ගණනින් සොරා කෑවා. දුසිම් ගණනින් මෙරට ජාතික සම්පත් සූරා කෑවා. එදා එලෙස කටයුතු කළ පුද්ගලයන් අද අද පෙනී සිටින්නේ බෝධි සත්වයන් වගෙයි. යහපාලන රජය යටතේ රට සහ බුදු සසුන අනතුරේ, එය බේරාගත හැක්කේ තමන්ට පමණයි කියා අද මේ අය කියනවා.
අද රජ පවුල ඇතුළේ අවුල් හටගෙන තිබෙනවා. ඒ වෙන කුමක් නිසාවත් නොව ආපසු ජනපති පුටුවට, අගමැති පුටුවට යාමට තිබෙන කෑදරකමටයි. යළි බලය ලබා ගැනීමට ඇති ආශාවටයි. නමුත් අප ළඟ ඔය කචල් - බචල් නැහැ. කෑදරකම් නැහැ. අප මේ සෑම සිදු දෙයක්ම කරන්නේ රටේ පොදු ජනතාව වෙනුවෙන් පමණයි.
අපේ අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා තම පවුලේ කෙනෙකු හෝ ඥාතියෙකු තමාගෙන් පසුව ඊළඟට ජනපති පුටුවට, අගමැති පුටුවට ගෙන එන්නට සුදානම් වනවා ඔබ අසා තිබෙනවාද? අද බොහෝ අය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අද කතා බහ කරනවා. තමන්ගේ ඉලක්ක සහ සැලසුම් මොනවද කියා මං ඒ අයගෙන් අසන්නට කැමතියි. නමුත් අපට පැහැදිලි ඉලක්ක පවතිනවා.”

popular news
-
Champa Sunday, 19 August 2018 06:41 PM
තමන්ගේ අනාගත ඉලක්ක සහ සැලසුම් මොනවාද කියලා හිටපු ජනාධිපතිතුමා වෙලාවට කියයි. පරණකතා කියනවනම් මිනිස්සු කියයි ආර් ප්‍රේමදාස සමයත් රජ සමයක් කියලා. ඒ කාලේ එහෙම රජ පුටුවකුත් තිබ්බ නේද නිකම් සිංහාසනයක් වගේ? මාධ්‍යවේදීන්, කැමරාකරුවන් සහ ලංකාවේ ලොකුම ධනවතාව මැරුව කියලා චෝදනාත් තියෙනවා නේද? Oh,sorry ඔබ මෙතන මිනීමැරුම් ගැන කියල නැහැ. අනාගත ආයෝජනයක් වෙන්න ඇති නේද? ආර් ප්‍රේමදාස ගම්උදාව කියලා උදාකරලා දුන්නේ තමන්ගේ හෙන්චයියන්ට, පාතාල නායකයන්ට සහ තමන්ගේ පවුලට කියලා රටම කියනවා. ඔබ මහින්ද රට ත්රස්තවාදීන්ගෙන් බේරගත්ත එක ගැන නිසි ගෞරවය දෙන්නේ නැති නිසා මමත් ආර් ප්‍රේමදාස ජනතාවට කරපු සේවය ගැන ලියන්නේ නැහැ. අනුන් දිහා බලන්න ඉස්සෙල්ල ඔබ තමන් දිහා බලන්න. පුද්ගලයෙක් විදියට හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. වටේ ඉන්න අනිත් මිනිස්සු කරපු වැරදි වලට එතුමා පලි නැහැ. හැබැයි ඔබ දිහා බලන්න. පුද්ගලයෙක් විදියට ඔබට මොන තරම් චෝදනා තියෙනවද? ඇත්තම කියනවා නම්,ඈත සහ මෑත ඔබට තියෙන බරපතල චෝදනා හැටියට ඔබට තමයි බුදු සසුන ගැන කතා කරන්න අයිතියක් නැත්තේ. නිකම් බෝධි සත්වයෙක් වගේ පෙනී හිටින්නේ ඔබ මිසක් අනිත් අය නෙමේ
Reply : 0 0
කෝලිත Sunday, 19 August 2018 08:12 PM
අනුන්ගෙ නොදන්න මගුල් කියෝනව මුලු රටම අවුල් හලෝ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

