අද මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම වේලාවක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂමට හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපතිවරණය පැවැත්වීම සියයට සියයක්ම ස්ථිරයි. මීට පෙර යම්කිසි අපැහැදිලිතාවයක් තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීන්දුවත් එක්ක පළාත් සභා මැතිවරණය පවත්වන්න බැහැ. ඒක නිසා දැන් රටේම අවධානය යොමුවෙලා තිබෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම වේලාවක ජනාධිපති මැතිවරණය නිවේදනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන්. තව මාසයකින් පමණ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට පුළුවන්. නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දින අතර දී ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.
අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ සෙනසුරාදා දවසක ජනාධිපතිවරණය පවත්වනවා නම් නොවැම්බර් 16 නැත්නම් විසිි තුන් වෙනිදා පවත්වනු ලබයි කියලා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම හැකි තරම් ඉක්මනින් කරන්න කියලා අපි ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. අද සිට ඕනෑම වෙලාවක එය සිදු කිරීමට නීතිමය තත්ත්වයක් ලැබෙනවා.”
