පසුගිය සතියේදී නොපැවැත්වුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18දා) දිනයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවත්වන්නේනම් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිර්සේන මහතා ප්‍රකාශ කර තිබු අතර ඒ හෙතුවෙන් පසුගිය අගහරැවාද (11දා) කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්විණි.
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අද(18දා) උදැසන රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වන අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 02හි රැස්වන බව කාරක සභා සාමාජිකයෙක් %අද^ පුවත්පතට පැවසීය.
පාර්ලිමේන්තු කාරක සභාව අවලංගු නොකර එහි අවසානය දක්වා අඛන්ඩව පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බවද එහි සාමාජිකයෙකු පැවසූ අතර, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) දිනයේදී පක්ෂ නායකයන් සමගද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙවර කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපතිවරයා හා හිටපු ස්ථානාධිපතිවරයා මෙන්ම එම ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයන් කැඳවා තිබේ.
කැබිනට් මණ්ඩලයට පෙර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන %පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීම^ ඊයේ (17දා) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහභාගි වී ඇත.
පසුගිය සතියේදී කැබිනට් පත්‍රිකා 104 ක් සාකච්ඡා කිරීමට සැලසුම්කර තිබුණද කැබිනට් මණ්ඩලය රැස්නොවු හේතුවෙන් එම කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමට නොහැකි වී ඇත.
එමෙන්ම චීන සිගරට් ආනයනය කිරීම සම්බන්ධයෙන් මංගල සමරවීර , රාජිත සේනාරත්න , රවී කරුණානායක මහත්වරුන් අතර යම් පරස්පර මතවාද ඇතිවී තිබෙන අතර අද(18දා) දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ.
රවී කරුණානායක මහතා 14 දා මංගල සමරවීර අමාත්‍යවරයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල ක තිබුණ අතර මේ සම්බන්ධයෙන්ද කතා බහක් අද දිනයේදී කැබිනට් රැස්වීමේදී ඇතිවීමට ඉඩ තිබේ.
මෙම සියළු කරැණු හේතුවෙන් අද දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීම සුවිශේෂි මෙන්ම උණුසුම් ස්වභාවයක් ගනු ඇති බවද තොරතුරැ වාර්තාවේ.