අතුරු තහනම් නියොගයට එකඟ වන්නේ නෑ - මහින්ද රාජපක්ෂ

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ මෙසේද සඳහන්වේ.,
කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.
එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.
රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙළ වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙසද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
මව්බිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවයද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවයද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
popular news
-
Nandana Monday, 03 December 2018 09:50 PM
පව් අඩන්න ඔන්න මෙන්න වගේ ,
Reply : 0 15
Kumar Monday, 03 December 2018 10:19 PM
රාජපක්ෂලා නීතිය ගරුනොකරන ඒක අලුත් දෙයක් නොවේ. පසුගිය රජයකාලේ සිදුවුණා දේවල් අපට නම් අමෙතකවී නැති වග කියන්න ඕනෙ
Reply : 3 18
Sanka Tuesday, 04 December 2018 08:53 AM
ඔය 16 කල්ලිය තමය් ඔබතුමාව අමාරුවේ දැම්මේ.ඔය 16 කල්ලියේ ගොඩක් අය හොර පාරෙන් පාර්ලිමේන්තු ආපු අය.ඔබතුමාගේ නම්බුව බින්දුවට වට්ටලා මේ කල්ලිය පාර්ලිමේන්තු සම්ප්රදාය විනාස කරලා දැන් ඉවරය්.දැන්වත් ඇත්ත තත්වය පිළිඅරගෙන බහුතරය හිමි පර්සවයට ආණ්ඩුව ගෙනියන්න ඉඩ දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

