අත්අඩංගුවට ගත්තොත් බන්ධනාගර රෝහලට යන්නේ නෑ
සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය මාදිවෙල පිහිටි තම මන්ත්‍රී නිවස පරීක්ෂා කරන බවත් යම් හෙයකින් තමන් අත්අඩංගුවට පත්වුවහොත් බන්ධනාගාර රෝහලට නොව බන්ධනාගාරයට යන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙම සෝදිසියට හේතුවක් පොලීසිය ඉදිරිපත් නොකළ බවයි.
තමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.
සත්‍ය කථා කිරීම වෙනුවෙන් මුහුණ දීමට සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Police searching my house now with a search warrant which doesnt mention the reason. I have not done any crime but in case if I get arrested I will go to prison not hospital. I am in good health and ready to face any repurcussion for speaking the truth
— Ranjan Ramanayake (@RamanayakeR) January 4, 2020
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

