අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්
4.54 PM
තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
2.46 PM
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
තරුණයන් 11 දෙනෙක් පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගැණින.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වයි.
popular news
-
Champa Thursday, 29 November 2018 01:13 AM
ලංකාවේ දැන් ජාතිකවාදීන් දේශප්‍රේමින් කියල ජාතියක් බේතකට නැහැ. පැවිදි හඬ, යුතුකම, එලිය, වියත් මඟ, තව කීයක් තිබ්බද. දැන් කතා නැහැ. මහවිරු සමුරුව මුළු යාපනෙම තියන්න ඉඩ දුන්න. දැන් හමුදාවේ ලොකුම ලොක්ක හිරේ දැම්ම. මේවා ඔක්කොම TNA එකයි කොටියි ඉල්ලපු ඒවා.. යකෝ රනිල්වත් කරපු නැති ඒවනේ මහින්දගේ ආණ්ඩුව කරන්නේ. කෝ විමල්ල ගම්මන්පිලල දිනේෂ්ල වාසුල? වෙනදට ගිරිය යටින් කැහැගහන්නේ හමුදාව හිරේ දානවා කියලා. උතුරේ කොටි නැගිටිනවා කියලා. අන්න කරුණ අම්මාන් එළිපිටම තර්ජනය කරනවා දැන ගනිල්ලා මම 2004 ට ඉස්සෙල්ල දරුණු කොටියෙක් කියලා. දැන් කටවල් වැහිලා. මස් කටු වලට. දැන් හිතන්නේ රට පාවල දීල හරි හමුදාව පාවල දීල හරි තමන්ගේ බලය රැක ගන්න. මොන තරම් දරුණු පාවා දීමක්ද මේක. ජාතියේ ගැලවුම්කාරයෝම රටයි හමුදාවයි කොටියට පාවල දෙනවා. රනිල්ටත් වඩා උඩින්ම. මේකටද ආණ්ඩුව අල්ල ගත්ත කිව්වේ????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

