අත්‍යවශ්‍යම නොවන සේවකයන් නැවත සේවයට කැඳවීම මෝඩකමක් බව ලන්ඩන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පවසයි.
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය ඇමතීමෙන් අනතුරුව ලන්ඩන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ජොන්සන්ගේ තර්කයකට පටහැනිව යමින් එරට ව්‍යාපාරවලට උපදෙස් දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන තම සේවකයන් තවදුරටත් නිවසේ තබා ගන්නා ලෙසයි.
ආර්ථිකය ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීම සඳහා සිය දැක්ම ඉදිරිපත් කළ ජොන්සන්, එක්සත් රාජධානිය පුරා සිටින සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම්, නැවත සේවයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.