අණ නොතකා ධාවනය කළ වාහනයකට පොලීසියෙන් වෙඩි
මුලතිව් මුල්ලියාවලෙයි සිට කලක පටන් ප්‍රවාහනය කෙරෙන දැව ජාවාරමක් වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී වැටලීමේදී පොලිස් අණ නොතකා දැවත් සමග ධාවනය වූ රථයකට වෙඩි තබා සැකකරුවන් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
මුලතිව් මුල්ලියාවලෙයි සිට වවුනියාව නොච්චිමොට්ටෙයි හරහා කලක පටන් දැව ප්‍රවාහනය කෙරෙන බවට පුලියන්කුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුරකාවල් යොදා සිටි අවස්ථාවේදී දැව පටවාගත් බොලෙරෝ කැබ් රථයක් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ධාවනය කොට ඇත.
එහිදී පොලිස් නිලධාරීන් විසින් අදාළ රථය නවතන ලෙසට අණ කොට සිටින අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කිරීමට දැව ජාවාරම් කරුවන් පියවර ගෙන ඇති අතර එහිදී පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් කැබ් රථය පසුපස ලුහුබැඳ ගොස් කැබ් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතාගෙන ඇත.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් ඇති අතර කැබ් රථය සමග තේක්ක කඳන් 12 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ නියෝග යටතේ පුලියන්කුලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ අධික්ෂණයෙන්, පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් මෙහෙයුම් සිදු කරනු ලැබීය.


popular news
-
shan Friday, 12 July 2019 01:16 PM
ඇයි ටයර් වලට වෙඩි තිබ්බේ අණ නොතකා දාවනය කලොත් මොකටද පන්නගෙන ගිහින් අල්ලන්නේ අනෙක මුන්ව අල්ල අල්ල සිර ගෙවල් පුරවන්න් ඕනේ නැහැ වාහනේ පිටින් අලුවෙලා යන්න ආර් පී ජී එකක් ගහන එකයි කරන්න ඕනේ එතකොට්ර ලංකාව එකෙක් වත් අණ නොතකා යන්නේ නැහැ ලංකාවේ ඉන්න සේරම උන් හිතා ඉන්නේ නීතිය කියන්නේ මුන්ගේ සෙල්ලම් බඩුවක් කියල එහෙම කල කියල අපේ රටේ ඉන්න තුට්ටු දෙකෙන් සන්විදක කගහුවට පයිසෙකට උන්ව මායිම් කරන ඕනේ නැහැ තව නැටුවොත් උන්වත් තහනම් කරන්න ජනපතිට කොන්ද පන තියෙන්න ඕනේ මේ රටවල ඔහොම ගියොත් ආයේ එළවන් යන්න ඕනේ නැහැ ගේන්න පෙට්ටියක් යැවුවම ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

